Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

16th February 2024 12:41:22 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා දකුණු සුඩානයේ රාජකාරී අධියර 09 කණ්ඩායම දිවයිණට පැමිණේ

පෙරවරු 6:50 ට ඉතියෝපියානු ගුවන් සේවයට අයත් (ET 8606) දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි පිරිස ශ්‍රි ලංකා යුද හමුදා සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරල් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි සහ විසින් එම කණ්ඩායම උණුසුම් ලෙස පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට අධික්ෂණ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී යූ.එස්.පී., මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර ආර්.ඩබ්ලිව්.පී යූ.එස්.පී. සහ නිළධාරීන් පිරිසක් සහභාගිවිය.

අණදෙන නිළධාරී කර්නල් එම්.පී.එස්.ආර් අමරසේකර යූඑස්පී සහ 2 වැනි අණදෙන නිලධාරී මේජර් ජේ.ඒ.ඩී.සී.එච් ජයසිංහ විසින් දකුණු සුඩාන 9 වැනි බළඇණිය සඳහා අණදීම සිදුකරන ලදී. නිලධාරීන් 17 ක් සහ සෙසු නිලයන් 49 ක් ඇතුළුව යුද හමුදා සාමාජිකයින් 66 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස 2023 පෙබරවාරි මස 02 වන දින දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව ගියහ.

පැමිණි පිරිසට අමතරව දකුණු සුඩානයේ 9 වන අධියරේ රාජකාරී කරනු ලබන ඉතිරි කණ්ඩායම සුඩාන් අධියර 10 පැමණිමෙන් පසු 2024 පෙබරවාරි මස 06 වන දින ශ්‍රි ලංකාව බලා පැමිණියහ.