Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

06th November 2023 13:31:44 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා නිලධාරීන් පුහුණු දිනය සාර් ථකව නිමා විය.

ශ්‍රිලයුවෛබ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන නිලධාරී පුහුණු දිනය 2023 නොවැම්බර් 01 වන දින වේරහර රෙජිමේන්තු මූලස්ථානයේදී කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් පීඒසී ප්‍රනාන්දු යූඑස්පී සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒයූස් වනසේකර RWP USP ප්‍රධානත්වයෙන් නිලධාරීන් 140 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වත්වනු ලැබීය.

සියලුම නිලධාරීන් සඳහා උදෑසන ශාරීරික අභ්‍යාසවලින් අනතුරුව දවසේ පුහුණු කටයුතු ආරම්භ විය. මේජර් ඩබ්ලිව්.ජී.ජේ.එම්.ඩී.එස් ජයසිංහ විසින් “රාජ්‍ය නොවන අරමුදල් පිළිබඳ විගණන ක්‍රියා පටිපාටි” පිළිබඳ වටිනා දේශණයක් ඉදිරිපත් කල අතර, එය විශේෂයෙන් තරුණ නිලධාරීන්ට ඉතා ප්‍රයෝජනවත් විය. යුධෝපකරණ පාසලේ සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.එම්.ඒ.එන් වර්ණසූරිය ato විසින් “ශ්‍රි ලංකා යුද හමුදාවේ ප්‍රසම්පාධන ක්‍රියා පටිපාටිය” යන මැයෙන් දේශනය ඉදිරිපත් කරන ලදී. ක්‍රිකට් සහ වොලිබෝල් ක්‍රිඩා කරන සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සවස ක්‍රිඩා ආරම්භ විය.

රාත්‍රි භෝජන සංග්‍රහය ශ්‍රිලයුවෛබ බළකාධිපති ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය. නිලන්තන් නිරූතන් මහතා විසින් "ලෝකයේ නවතම සටන් සහ එම සටන්වලදී භාවිතා කරන ලද AI තාක්ෂණයන්" පිළිබඳව කාලෝචිත සහ වටිනා ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. නිළධාරී නිවස්නය හි සංවිධානය කරන ලද රාත්‍රි භෝජන සංග්‍රහය දවසේ කටයුතු අවසන් විය.