Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 14:42:45 Hours

ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ භට පිරිස් දකුණු සුඩානය බලා පිටත් වේ.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දෙවන මට්ටමේ රෝහල සඳහා පිටත්ව යන 8 වන කණ්ඩායම 2021 දෙසැම්බර් 28 වන බදාදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලෙන් පිටත් විය.

මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධනි සහ යුධ හමුදාපති ජෙනරාල් L H S C SILVA WWV RWP RSP VSV USP ndc psc Mphil විසින් 8 වන බලඇණියේ පළමු කණ්ඩායම හමු වූ අතර ගුවන් තොටුපලේ පැවති කෙටි උත්සවයකදී ඔවුන්ට සුභ පැතුම් එක් කරන ලදී. දකුණු සුඩානයේ බෝර් පාදක කරගත් SRIMED රෝහලේ වසරක සේවා කාලය සම්පූර්ණ කළ 7 වැනි බළකායේ නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු 33 දෙනෙක් එදිනම නිවෙස් වෙත පැමිණියහ.ඉතිරි කණ්ඩායම 2022 ජනවාරි 31 වන දින දකුණු සුඩානය බලා පිටත් වීමට නියමිතය.