Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

16th January 2024 16:41:01 Hours

ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන 34 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 34 වන සංවත්සරය 2024 ජනවාරි මස 15 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදා චාරිත්‍රානුකුලව පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පීඒ සී ප්‍රනාන්දු යූඑස්පී ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නිළධාරී සහභාගි විය.

රෙජිමේන්තුවේ සාර්ථකත්වයට සහ ඉදිරි ගමනට ආශිර්වාද කිරීම සඳහා සියලු ආගම්වලට අයත් ආගමික වතාවත් රෙජිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්විණි. ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කඳවුරු පරිශ්‍රය තුළ කළුවර පැළයක් රෝපණය කිරීම සහ සමුහ ජායාරූපයකට පෙනි සිටිම සිදු කරන ලදි.

අනතුරුව සියළු නිළයින් විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වු බලකාධිපති තුමන්, ශ්‍රි ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු පරිශ්‍රය තුල නවතමයෙන් ඉදිකරන ලද ක්‍රිකට් පැති තනතීරුව, සුභසාධක වෙළඳ සැල, කරණවැමිහල හා මැහුම් හල විවෘත කිරිමටද එතුමා සහභාගි විය.

දවසේ විශේෂ සිදුවීම් සිහිපත් කරමින් සියළු නිල දිවා භෝජන සංග්‍රහය සහ සැඳෑ කාලය වර්ණවත් කරමින් සියළු නිළයින් විසින් සහභාගි වන ලද අලංකාරවත් සංගීත සඳෑවක් මේජර් ජෙනරල් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි ජෙෂ්ඨ නිළධාරීගේ සහභාගිත්වයෙන් පැවැත්වින.