Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 12:46:49 Hours

ශ්‍රි ලංකා යුද හමුදා බලකාය 31 වන සංවත්සරය සමරයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සිය අභිමානවත් 31 වන සංවත්සරය 2021 ජනවාරි මස 15 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී. යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් සහ ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් පීඒසී ප්‍රනාන්දු යූඑස්පී වෙත කඳවුරු ආරක්ෂක මුරය පිරිනැමීමෙන් දිනයේ ආරම්භය සිදුවිය.

රෙජිමේන්තුවේ සාර්ථකත්වයට සහ සෞභ්‍යාගයට ආශිර්වාද කිරීම සඳහා සියලු ආගම්වලට අයත් ආගමික වතාවත් රෙම ශ්‍රිලයුවෛබ පරිශ්‍රයේදී පැවැත්විණි. ආගමික වතාවත්වලින් අනතුරුව කර්නල් සේනාවිධායක විසින් මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලද අතර අනතුරුව සියලු නිළයන්ගේ තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී.

සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ සහ සමාජ දුරස්ථ පිළිවෙත්වලට අනුකූලව මෙම වැඩසටහන පවත්වන ලදී.