Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

14th May 2018 09:49:47 Hours

රෙම ශ්‍රීලයුවෛබ 2018 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරයි

2018 වර්ෂයේ උදාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙවරත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් මස 19 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙවර අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රෙම ශ්‍රිලයුවෛබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්එම්ජේආර්කේ සේනාරත්න ආර්ඩබ්පී ආර්එස්පී පැමිණි අතර, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව අවුරුදු උළෙල ආරම්භ විය. ඉන් අනතුරුව සියලු නිළයින් එක්ව චාරිත්‍රානුකූලව අවුරුදු තේ පැන් සංග්‍රහයක් භුක්ති වින්දේය.

මෙම අලුත් අවුරුදු උළෙල වර්ණවත් කරමින් තරග ඉසව් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ඒ අතර කණාමුට්ටිය බිදීම, සැගවුන අමුත්තා සෙවීම සහ සිවිල් සේවකයන් සදහා වු බාධක තරණය වැනි ක්‍රීඩාවන්ට ප්‍රධාන තැනක් හිමිවීය.

තරග අවසන් වීමෙන් පසු සියලු නිළයන්ගේ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වු අතර, එදිනම රාත්‍රියේ රෙම ශ්‍රිලයුවෛබ සංගීත කණ්ඩායම ප්‍රමුඛව සංගීත සැදෑවක් පවත්වන ලදි.