Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 09:04:49 Hours

රෙජිමේන්තු සිය අභිමානවත් 30 වැනි සංවත්සරය සමරයි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සිය 30 වන සංවත්සරය 2020 ජනවාරි මස 15 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ RWP RSP VSV USP, ජ්‍යෙෂ්ඨ නිළධරි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩිර් ඩීජී හේවගේ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් පිළිගන්නා ලදී. රෙජිමේන්තු මූලස්ථානයේදී කඳවුරු මුරයක් සහ වර්ණවත් පෙළපාලියක් පිරිනමන ලදී. පෙළපාලිය අතරතුර, කර්නල් සේනාවිධායක විසින් රැස්ව සිටි පිරිස ඇමතූ අතර, බලකාය උසස් තත්වයකට නංවාලීම සඳහා නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන ලදී. උත්සව පෙළපාලිය ලුතිනන් කර්නල් අරෝෂ් පීරිස් විසින් මෙහෙයවන ලදී. පෙළපාලියෙන් අනතුරුව කර්නල් සේනාවිධායක විසින් මුලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලද අතර අනතුරුව සියලු නිල තේ සංග්‍රහයක් ද සිදු කරන ලදී.

ඉන් අනතුරුව, කර්නල් සේනාවිධායක විසින් සංකේතාත්මක පීත්ත පටිය කපා අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් භඨ නිවාසය සහ ශ්‍රවනාගාර ගොඩනැගිල්ල විවෘත කරන ලදී. ඉන් අනතුරුව වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව විසින් මියගිය/ජීවතුන් අතර සිටින සොල්දාදුවන්ගේ දූ පුතුන් සහ විශ්ව විද්‍යාල සඳහා තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්වව ප්‍රධානය කිරීමේ උත්සවයක් සංවිධානය කරන ලදී. සේවා වනිතා ශාඛාවේ සභාපති බ්‍රිගේඩියර් ඩී.ටී.එන් මුණසිංහ යූ.එස්.පී ගේ මඟපෙන්වීම මත සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් විසින් උත්සවය සංවිධානය කරන ලදී.