Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

06th September 2023 15:19:48 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව මානි 1(රණසේවා) රාජකාරී අරඹයි.

නව මාණ්ඩලික නිලධාරි I (රණසේවා) ලුතිනන් කර්නල් එස්ඒඑන් සමරනායක (නි/64339) 2023 සැප්තැම්බර් 04 වැනි සඳුදා දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලදී.

නව පත්වීම භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව ලිපියක් අත්සන් තැබීමෙන් පසු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමඟ ඉදිරියේදී කටයුතු කල යුතු ආකාරය හා තම දැක්ම ඉදිරිපත් කළේය.