Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 07:20:56 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථාන 30 වැනි සංවත්සරය සැමරීම සඳහා වෛද්‍ය බළකාය විසින් සංවිධානය කරන ලද සංගීත සංදර්ශනය සහ ලොතරැයි දිනුම් ඇදීම

ප්‍රථමයෙන් බ්‍රිගේඩියර් සිඒ්සී ප්‍රනාන්දු යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් විසින් ලොතරැයි දිනුම් ඇදීම සිදුකරන ලදී. අනතුරුව සංගීත සැඳෑවේ ආරම්භ වූයේ සුප්ප්‍රසිද්ධ කලාකරුවන් වන දයාන් විතාරණ, සුප්‍රියා අබේසේකර, ලකී දේවා, ඉවන්කා පීරිස්, අනුපමා කටුලන්ද ඇතුළු රණවිරු රියල් ස්ටාර්ස් රැසක් “Medics” සංගීත කණ්ඩායම සමඟින් සිය සිත් ඇදගන්නාසුළු හඬින් පිනවීය. සිවිල් අරක්ෂක බලකා නර්තන කණ්ඩායම ප්‍රසංගය පුරාම ඔවුන්ගේ දක්ෂතා සමඟින් සංගීත සැඳෑව වර්ණවත් කළේය.