Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

05th December 2022 15:50:00 Hours

යුද්ධ හමුදා මුලික රෝහල(පලාලි) සඳහා නව දැඩිසත්කාර ඒකකයක් හා හදිසි ප්‍රතිකාර ඒකකයක්

පලාලි යුද හමුදා මූලික රෝහලේ අණදෙන නිලධාරී මේජර් ලහිරු රත්නවීර මහතාගේ ආරාධනයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන විජයසුන්දර ගේ ප්‍රධානත්වයෙන් උතුරු ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති, බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් සොයිසා ගේ මඟපෙන්වීම යටතේ 5 වන ඉංජිනේරු සේවා (CES) රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකරන ලද දැඩි සත්කාර ඒකකය (ICU) සහ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) 2022 නොවැම්බර් 20 වන දින විවෘත කරන ලදී.

නව දැඩි සත්කාර ඒකකය (ICU) සහ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU), ප්‍රධාන ශල්‍යාගාරය (Main Theater), ප්‍රතිස්ථාපන ඒකකය (Recovery Area) , මධ්‍යම වන්ද්‍යකෘත ඒකකය (Central Unit) ලෙස ඒකක තුනකින් සමන්විත වන අතර එක් ශල්‍ය මේසයක් (Theater Table) සහ නිර්වින්දන යන්ත්‍රයකින් (Anesthesia Machine) ද සමන්විත වේ. මෙය ආසේමු(යා) බල ප්‍රදේශයේ රාජකාරී කරනු ලබන සියලුම යුද්ධ හමුදා පුද්ගලයින් සහ යුද්ධ හමුදා සිවිල් අයවළුන් සඳහා පහසුකම් සපයයි.