Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

04th July 2023 10:23:44 Hours

මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් ගෞරවාන්විත සමුදීමක්

මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායට වසර 37 කට අධික කාලසීමාවක් අමිල සේවයක් ඉටු කරමින් 2023 ජූලි 01 වන දින ශ්‍රි ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිතය.

2023 ජූනි 30 වන වෛද්‍ය බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පිඒසී ප්‍රනාන්දු යුඑස්පි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව කදවුරු සම්මාණ මුරයක් හා රෙජිමේන්තු මූලස්ථාන සරඹ භුමියේදී උත්සවාකාර පෙළපාලියක් පිරිනමන ලදී. අනතුරුව සියළු නිළයින් ආමන්ත්‍රණය කරන ලද අතර, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලු නිලයන් විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයටද එතුමන් සඳහා සහභාගි විය. පසුව සියලුම නිලයින් විසින් වුශ්‍රාම යන මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී "ජය ශ්‍රි" හඬ මැද කඳවුරෙන් නික්ම යන ලදී.

එදින රාත්‍රියේදී මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි සහ ඩිටීඑන් මුණසිංහ මහත්මිය වෙත නිළධාරී රාත්‍රි භෝජන සංග්‍රහයක් රෙජිමේන්තු මධ්‍යස්ථන නිළධාරී නිවස්නයේදී පැවැත්වු කල අතර, කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පිඒසී ප්‍රනාන්දු යූඑස්පී, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු විශාල පිරිසක් සහභාගී වන ලදී. මෙහිදී ශ්‍රි ලංකා යුධ හමුදා ෙවෙද්‍ය බළකායට කරන ලද අගනා සේවය වෙනුවෙන් මේජර් ජෙනරල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි වෙත අගනා සමරු තිළිණයක් පිලිගන්වන ලදී.

මේජර් ජෙනරාල් එස් එච් මුණසිංහ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි 1986 ජූනි මස 26 වැනි දින ශ්‍රි ලංකා යුද හමුදාවට බැඳුණු අතර, කපිතාන්වරයකු ලෙස පත්වීම් ලබා ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බළකායට බැඳී වසර 36 කට අධික කාලයක් යුද හමුදාවේ සිය වෘත්තීය ජීවිතය තුළ කීර්තිමත් සේවයක් ඉටු කළේය. වඩමාරච්චි මෙහෙයුම ඇතුළු මෙහෙයුම් රැසකට තම වෛද්‍ය කණ්ඩායම සමඟ සක්‍රියව සහභාගී වූ පළමු වෛද්‍ය නිලධාරියා ඔහුය. ඔහු දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දූරය ඇතුළු කීර්තිමත් පත්වීම් රාශියකින් පිදුම් ලබා ඇත.