Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 09:23:37 Hours

බ්‍රිගේඩිර් ඊජි ජයකොඩි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ බ්‍රිගේඩියර් ඒච්ටි වික්‍රමසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරීණිය යන ජෙෂ්ඨ නිළධාරීන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උළෙල.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා බලකායේ විශ්‍රාමික නිලධාරීන් සඳහා උපහාර උළෙල 2020 ජනවාරි 30 වන දින ශ්‍රිලයුවෛබ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරීන් නිවස්නය වේරහැර හිදී කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් SH මුණසිංහ RWP RSP VSV USP සහ මධ්‍යස්ථාන සේනාවිධායකගේ ප්‍රධානත්වයයෙන් පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, නියෝජ්‍ය , උපදේශකවරුන් සහ සේවයේ නියුතු නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බළකාය වෙනුවෙන් කළ සේවය අගයමින් බ්‍රිගේඩිර් ඊ.ජී ජයකොඩි යූ.එස්.පී සහ බ්‍රිගේඩිර් එච්.ටී යන මහත්වරුන් වෙත සමරු තිළිණ ප්‍රධානය කරන ලදී. මෙම උත්සවය සේවයේ නියුතු නිලධාරීන්ට වෛද්‍ය බලකායේ විශ්‍රාමික නිලධාරීන් සමඟ සුහදව කටයුතු කිරීමට හොඳ අවස්ථාවක් විය. "පැදුර" සංගීතයෙන් උත්සවයට උත්කර්ෂවත් බවක් එක් කරන ලදී. නිලධාරීන් සමඟ අන්තර් ක්‍රියාකාරි සැසිවාරයෙන් අනතුරුව රාත්‍රි භෝජන සංග්‍රහය නිළධාරී නිවස්නයේදී පිරිනමන ලදී.