Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

04th September 2023 15:46:33 Hours

බ්‍රිගේඩියර් එස්එන් සේමගේ යුඑස්පි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් හරසර

ශ්‍රි ලංකා යුද්ධ හමුද වෛද්‍ය බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2023 අගෝස්තු 31 වන දින එහි අභිමානවත් සාමාජිකයකු වන බ්‍රිගේඩියර් එස්එන් සේමගේ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත හරසර පිරිනමන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිගේඩියර් එස්එන් සේමගේ යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒයුඑස් වනසේකර ආර්ඩබ්පි යුඑස්පි විසින් පිලගන්නා ලදී. නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්ඒඒඑස් කුමාර ජ්‍යෙෂ්ඨ නිළධාරී ද මේ අවස්ථාවට සහභාගී විය. අනතුරුව කඳවුරු සම්මාණ මුරයකින් පිලිගත් එතුමන් වෙත වර්ණවත් සම්මාණ පෙළපාලියක්ද පිරිනමන ලදී. සම්මාණ පෙළපාලිය අවසානයේ බ්‍රිගේඩියර් එස්එන් සේමගේ යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිරි පරිහරණය සඳහා තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් පරිඝණක යන්ත්‍රයක් තිළිණ කරන ලදී. ඉන් අනතුරු සියළු නිළයින් විසින් සංවිධානය කරන ලද තේපැන් සංග්‍රහයටද එතුමන් සහභාගි විය.

රාත්‍රියේදී නිළධාරී නිවස්නය වෙතින් ඔහු හා විශ්‍රාම ගනු ලැබු බ්‍රිගේඩියර් කේඑස්ඩි කරුණාරත්න, බ්‍රිගේඩියර් එන්කේ ආරියරත්න, බ්‍රිගේඩියර් ඩබ්එම්ටිකියුපි විජේරත්න, බ්‍රිගේඩියර් එස්එන් සේමගේ යුඑස්පි, බ්‍රිගේඩියර් එම් මුතුමාල, බ්‍රිගේඩියර් පිජි වික්‍රමසුරිය, බ්‍රිගේඩියර් පිටිආර් මකුලොළුම යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට ගෞරව දැක්වීම සඳහා ගෞරවනීය ලෙස සමුගැනීමේ රාත්‍රි භෝජන සංග්‍රහය සංවිධානය කරන ලදී. මෙම සියළු උත්සව යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පීඒසී ප්‍රනාන්දු යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ හා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒයුඑස් වනසේකර ආර්ඩබ්ලිව්පි යුඑස්පිගේ මග පෙන්වීම යටතේ සිදු කරන ලදී.