Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 10:02:11 Hours

පදක්කම් - දකුණු සුඩාන II මට්ටමේ රෝහල

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා පිටත්ව ගිය II මට්ටමේ රෝහල් කාර්ය මණ්ඩලය සදහා පදක්කම් පිරිනැමීමේ උත්සවය 2020.02.27 දින පැවති අතර, මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස දකුණු සුඩාන සාම සාධක බලකායේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ශයිලේෂ් සදාෂිව් තිනයිකාර් මහතා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලාංකික සහ විදේශීය නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියහ.

ලුතිනන් ජෙනරාල් ශයිලේෂ් සදාෂිව් තිනයිකාර් සහ එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන මෙහෙයුම් කාර්යාලයේ ඩෙබොරා ග්වෙන් ෂීන් මෙනවිය රෝහල් ප්‍රතිකාර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර ශ්‍රි ලංකා යුද හමුදා බලකායේ කාර්ය මණ්ඩලයේ කැපවීම ද අගය කර ඇත. උත්සවය අවසානයේ රසවින්දනය සඳහා විශේෂ විනෝදාස්වාදාත්මක වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.