Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

02nd August 2018 08:56:53 Hours

නිළධාරී පුහුණුවීම් දිනය

2018 වර්ෂයේ දෙවන අඩවසර සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිළධාරී පුහුණුව මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ගේ මග පෙන්වීම යටතේ 2018 ජූලි මස 25 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිම්න්තු මධ්‍යස්ථානය හිදී පවත්වන ලදි.

පුහුණු දින වැඩසටහනේ මූලිකාංගය වශයෙන් උදෑසන ශාරීරික අභ්‍යාස පැවැත්වීමට කටයුතු කරන ලදි. ඉන් අනතුරුව සියළුම නිළධාරීන් සදහා සරඹ පුහුණුවීම් සිදුකරන ලද අතර, කණිෂ්ඨ නිළධාරීන් හට අසිපත් පුහුණුවීම් පවත්වන ලදි. “නිරෝගී හමුදාවක් නීරෝගී දැයක්” මාතෘකාව යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මේජර් සමින්ද කුමාර විසින් කාලෝචිත දේශණයක් පැවැත්වූ අතර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් සමන්ත විජේරත්න විසින් “නිළධාරී රහස්‍ය වාර්තා” පිළිබදව දේශණයක් පවත්වන ලදි. පුහුණු වැඩසටහනේ අවසන් දේශණය ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝණ කපිතන් මනෝජ් කැප්පෙටිපොල විසින් “සමාජ ආචාර රීති” මාතෘකාව ඔස්සේ හරවත් දේශණයක් පවත්වන ලදි.