Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

14th May 2018 09:40:07 Hours

නිළධාරී පුහුණුවීම් දිනය

2018 වර්ෂයේ පළමුවන අඩවසර සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිළධාරී පුහුණුව මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ගේ මග පෙන්වීම යටතේ 2018 අප්‍රේල් මස 24 වන දින යුද්ධ හමුදා රෝහල - කොළඹ හිදී පවත්වන ලදි.

පුහුණු දින වැඩසටහන උදෑසන ශාරිරික අභ්‍යාස මගින් ආරම්භ කරන ලද අතර, පසුව කණිෂ්ඨ නිළධාරීන් ස‍දහා අසිපත් සරඹ පුහුණුවීම් සිදු කරන ලදි. ඉන් අනතුරුව ආතති කළමණාකරණය මැයෙන් දේශණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් ආර්එම්එම් මොණරාගල යුඑස්පී විසින් පවත්වන ලද අතර, තවත් කාලෝචිත මාතෘකාවක් යටතේ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් එස්පීපී පක්ෂවීර විසින් සමාජ සදාචාර ප්‍රතිපත්ති - සමාජ ජාලා වෙබ් අඩවි යන මැයෙන් දේශණයක් පවත්වන ලදි.