Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 13:20:29 Hours

නික්ම යන සේනාවිධායක වෙත කෙටි සමුගැනීමක්

2021 15 වන දින නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් යූපීආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙනුවෙන් කෙටි සමුගැනීමේ උත්සවය වේරහැර ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි. නියෝජ්ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේජීකේඑච් විජේවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එතුමා පිලිගන්නා ලද අතර, සියලුම නිල තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක සහ සියලුම නිලයන් වෙනුවෙන් නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සමුගැනීමේ කතාව පවත්වන ලදී. බ්‍රිගේඩියර් උපුල් වීරකෝන් වෙත කර්නල් සේනාවිධායක විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා සෞඛ්‍ය්‍ය සේවා අධ්‍යක්ධක සහ ශ්‍රි ලංකා යුද හමුදා ‌වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් පීඒසී ප්‍රනාන්දු යූඑස්පී, බ්‍රිගේඩියර් ඩබ්ලිව්ජීආර්පී පීරිස්, බ්‍රිගේඩියර් කේපීඑන් පතිරණ යුද හමුදා වෛද්‍ය සේවා , කර්නල් එන්ඩීඑස් චන්ද්‍රසිරි යූඑස්පී යුද්ධ හමුදා ප්‍රසම්පාදන සේවා අධ්‍යක්ෂක කර්නල් ඩබ්ඒච්යුඩි විජේරත්න, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී කර්නල් බී එල් රණසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ශ්‍රි ලංකා යුද හමුදාවේ සෙසුනිලයින් සහභාගි වූහ.