Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 15:04:15 Hours

නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක වැඩ භාරගනී

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නියෝජ්‍ය මධ්‍්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එස්ඒඒ ශාන්ත කුමාර 2022 මාර්තු 13 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේ දී වැඩ භාර ගන්නා ලදී.

නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක මාණ්ඩලික නිලධාරී 1 (පාලන), ලුතිනන් කර්නල් ඩී.එල්.කේ. කොල්ලුරගේ ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී විසින් රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, අභිනවයෙන් පත් වූ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සංකේතාත්මකව සුබ මොහොතින් ලිපි අත්සන් තබමින් සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඉන්පසු ඔහු රෙජිමේන්තු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සියලුම නිලයන්ගේ තේ පැන් සංග්‍රහයට සහභාගී වුහ.