Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

07th November 2018 14:41:17 Hours

නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක රාජකාරී භාර ගනී

ශ්‍රීලයුවෛබ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පළමුවන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් කේජීකේඑච් විජේවර්ධන ආර්එස්පී යුඑස්පී 2018 නොවැම්බර් මස 1 වන දින රෙම ශ්‍රීලයුවෛබ හිදී සිය තනතුරේ රාජකාරී භාරගන්නා ලදි.

මානි 1 (පාලන) ලුතිතන් කර්නල් එස්සී ඒකනායක ආර්එස්පී විසින් නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක රෙම ශ්‍රීලයුවෛබ වෙත, උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව මහා සංඝයා වහන්සේලා විසින් ආශිර්වාද කර පිරිත් දේශණා කරන ලද අතර, නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සිය තනතුරේ රාජකාරී සුභ මොහොතින් ආරම්භ කරන ලදි. පසුව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක වෙනුවෙන් සියළු නිළ තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදි.