Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

16th March 2018 09:59:51 Hours

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහල ශ්‍රී ලංකා 70 වන නිදහස් උත්සවය සමරයි.

දකුණු සුඩානයේ ස්ථාපිත 11 වන මට්ටමේ යුද්ධ හමුදා රෝහල (V වන අධියර) 70 වන නිදහස් දිනය සැමරීම 2018 පෙබරවාරි මස 04 වන දින සිදු කරන ලදි. ජාතික ධජය ඔසවා ජාතික ගීතය ගායනා කිරීමෙන් නිදහස් උත්සවය සැමරීම ආරම්භ විය.

පසුව දකුණු සුඩානයේ ස්ථාපිත 11 වන මට්ටමේ යුද්ධ හමුදා රෝහලේ අණදෙන නිලධාරී වන ලුතිතන් කර්නල් එම්පීඑස්ආර් අමරසේකර යුඑස්පී ගේ මග පෙන්වීම යටතේ රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගීන් සදහා පරිත්‍යාග බෙදා දීමටද කටයුතු කරන ලදි.