Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

31st January 2024 12:10:21 Hours

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී අධියර 10 සිය උත්තමාචාරය යුද්ධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත පුද කරයි.

2024 ජනවාරි 30 වැනි දින වේරහැර ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බළකා රෙජිමේන්තු මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ සුඩාන් අධියර 10 සඳහා පිටත්ව යන භඨ පිරිස් විසින් සිය උත්තමාචාරය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත පුද කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඩබ්ලිව් එච් කේ එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍ගේඩියර් ඩබ්ලිව් ඒ යූ එස් වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ශ්‍රි ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් පීඒ සී ප්‍රනාන්දු යූඑස්පී ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍ය නිළධාරී තුමන්ගේ නිවැරදි මග පෙන්වීම හා උත්සාහය මත සියල්ල සිදු කරන ලදී.

යුද හමුදා නිලධාරීන් 14 දෙනෙකු, නාවික හමුදා නිලධාරින් 01, සහ සෙසු නිලයින් 49 දෙනෙකු ඇතුළුව සාමාජිකයින් 64 දෙනෙකුගෙන් සමන්විත මෙම බලඇණිය ලුතිනන් කර්නල් ඩී එම් ඩී ජේ දිසානායක ආර්එස්පී යූඑස්පී ගේ අණ යටතේ, සුඩන් 10 වන බලඇණිය ලෙස දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහල් රාජකාරී සඳහා පිටත්ව යෑමට නියමිතය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, ශ්‍රි ලංකා යුධ හමුදා ධජය සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා ධජයන් ලුතිනන් කර්නල් දිසානායක වෙත නිල වශයෙන් පිරිනමමින් සුඩාන් අධියර 10 වැනි කණ්ඩායමට සිය වගකීම් භාරදීම් සනිටුහන් කරන ලදී.

මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින්, සහ සුඩාන් අධියර 10 හි සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී විය.

දකුණු සුඩාන් හි වගකිවයුතු සාමාජිකන් ලෙස සුඩාන් අධියර 10 වන කණ්ඩායම ජාතියේ අභිමානය පෙර දැරිකොට ගෙන දකුණු සුඩානයේ ජනතාවට වඩා ආරක්ෂිත සහ වඩා ස්ථාවර අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුව ඇති කරමින් සහ විපතේදී පිහිට වෙමු යන නිර්වචනය පෙරදැරි කර ගෙන කටයුතු කිරීම සඳහා පිටත්ව යාමට සුදානම්ව සිටි.