Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

09th April 2024 14:37:18 Hours

ආධුනික කාන්තා පුහුණු පාඨමාලාව අංකය - 81 විසිර යාමේ පෙළපාලිය

විසිර යාමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් S.W.M ප්‍රනාන්දු WWV RWP RSP VSV USP ndc psc සහභාගී විය.

දක්ෂතම වෙඩික්කරුවාට හිමි කුසලානය ආධුනික කාන්තා සෙබළ P.K.D සෙව්වන්දි දිනාගත් අතර පාඨමාලාවේ දක්ෂතම ආධුනික සෙබළිය ලෙස ආධුනික කාන්තා සෙබළ K.A.K ජයරත්න සම්මාණ දිනා ගන්නා ලදී. ඔවුන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය වෙත පසුගියදා එක් වු අතර, මෙම අවස්ථාව නැරඹී සඳහා දෙමාපියන්, ඥාතීන් සහ මිතුරන් විශාල පිරිසක් සහභාගීවිය.