Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 13:31:37 Hours

අභිනව මධ්‍යස්ථාන සේනාවිධායක රාජකාරී ආරම්භ කිරිම.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු විසිහතරවන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ටීඑම් හෙට්ටිආරච්චි ආර්එස්පී 2021.04.23 වන දින රාජකාරී ආරම්භ කරන ලදී.

එතුමා පිලිගනු ලැබුයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.ජී.කේ.එච් විජේවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින්ය. නව පත්වීම් ලද මධ්‍යස්ථාන සේනාවිධායක විසින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණය කිරීමෙන් අනතුරුව කාර්යාලයේ දී ආගමික වතාවත් වලින් අනතුරුව වැඩ භාර ගන්නා ලදී.

පසුව, අභිනවයෙන් පත් වූ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් රෙම භට පිරිස් ඇමතීමෙන් අනතුරුව නිලධාරීන් දිවා භෝජන සංග්‍රහය සිදු කරන ලදී.