Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

12th April 2018 09:47:05 Hours

3 ශ්‍රීලයුවෛබ 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 3 වන වෛද්‍ය බලකාය 2018 පෙබරවාරි 22 දින නෙලුම්කුලම අනුරාධපුර හිදී තම ඒකක 19 වන සංවත්සරය සමරන ලදි. සංවත්සරයට සමගාමීව වෛද්‍ය බලකා ඒකක අතර, සුහද ක්‍රිකට් සහ වොලිබෝල් තරගාවලියක් පැවැත්වු අතර, පසුව අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි අශෝක ළමා නිවාසයට දානයක් පිරිනැමීමේ කටයුත්තක්ද සංවිධානය කර තිබුණි.

2018 පෙබරවාරි 22 වන දින 3 වන වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරිණිය වන මේජර් (වෛද්‍ය) ඩබ්එම්එස්එච් වීරසුරිය වෙත සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමීම සිදුකරන ලද අතර, යුද්ධයෙන් මිය ගිය සහ අතුරුදහන් වුවන් සිහිපත් කිරීම සදහා නවතමයෙන් ඉදිකරන ලැබු ස්මාරකයක්ද විවෘත කිරීම සිදු කරන ලදි. පසුව ඒකක 19 වන සංවත්සරය මුල්කොටගෙන පැළයක් රෝපණය කිරීමද අණදෙන නිළධාරීතුමිය විසින් සිදුකරන ලදි.

ඉන් අනතුරුව බනි සැරයන් නිවස්නයේ තේ පැන් සංග්‍රහයක් සහ සියලු නිළයන්ගේ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි.