Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 09:53:56 Hours

3 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අභිමානවක් 21 වැනි සංවත්සර සැමරුම.

3 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 21 වන සංවත්සරය 2020 මාර්තු 01 වන දින 3 ශ්‍ර්‍රිලයුවෛබ මූලස්ථානය, නෙළුම්කුලම, අනුරාධපුරයේදී සමරන ලදී.

ඒකක අණදෙන නිළධාරී වන මේජර් ආර්.එම්.ඩී.බී. රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙනුවෙන් ආරක්ෂක මුරයක් පිරිනැමීමෙන් පසු කඳවුරු භුමිය තුල "මී" පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියලුම නිලයන්ගේ තේ පැන් සංග්‍රහය සහ දිවා ආහාරය පවත්වන ලදී.

සැඳෑවෙහි නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු බංගලාව (Starlight Rest) කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් SH මුණසිංහ RWP RSP VSV USP විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති (වන්නි), සේවා වනිතා ශාඛාවේ සභාපති සහ මධ්‍යස්ථාන සේනාවිධායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. අනතුරුව අති උත්කර්ෂවත් සංගීත ප්‍රසංගයක් ද සංවිධානය කරන ලදී.