Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

18th July 2018 09:28:41 Hours

2(සෙව්) ශ්‍රීලයුවෛබ සෙසුනිළ භඨ නිවාසයට මුල්ගල් තබයි.

වසර 137 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන 2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට තවත් සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් 2018.07.11 දින 2(සෙව්) ශ්‍රීලයුවෛබ අණදෙන නිළධාරී ආර්එම්ඩීබී රාජපක්ෂගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ගේ ප්‍රධානත්වයෙන් ඒකක භූමියේ පැලයක් රෝපණය කරන ලදි.

ඒකකයේ මෙතෙක් අඩුවක්ව පැවති සෙසුනිළ භඨනිවාසයට මුල්ගල තැබීම සිදුකරන ලද අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කේපී සුමනපාල, කළමණාකරණ හා නඩත්තු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එච්ආර් වික්‍රමසිංහ යුඑස්පී, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්එම්ජේආර්කේ සේනාරත්න ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගී විය.

පසුව වෛද්‍ය බලකායේ බලකාධිපති විසින් නවතමයෙන් ඉදිරිකරන ලද ජන අවන්හල සහ සෙසුනිළ භෝජනාගාරය මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සුභ මොහොතින් විවෘත කරන ලදි. වෛද්‍ය බලකායේ බලකාධිපති විසින් නිළධාරීන්/ සෙසුනිළයින් අමතන ලද අතර, බනි / සැරයන් නිවස්නයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වු අතර, බලකාධිපතිගේ කදවුරු සංචාරයක්ද එම වැඩසටහන වෙත ඇතුලත් විය.