Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

29th November 2023 09:50:26 Hours

26 වන සංවත්සරය අභිමානයෙන් සැමරු යුද්ධ හමුදා රෝහල

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට අයත් රෝහල් අතුරින් දෙවනතම විශාල රෝහල වන ‘’වික්ටරිය’’ නම් ලද යුද්ධ හමුදා රෝහල - අනුරාධපුර හි 26 සංවත්සරය සමාරම්භය සනිටුහන් කරමින් රෝහල් අණදෙන නිළධාරිණි විඒඑමිඑන් ද සිල්වා යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරිණිය හට රෝහල් ප්‍රධාන දොරටුව අභියසදි අභිමානවත් සම්මාන මුරයක් පිරිනමන ලදි.

‘’විපතේදි පිහිට’’ යන ආදර්ශ පාඨය පෙරදැරිව ශ්‍රි ලංකා යුද්ධ හමුදා ෙවෙද්‍ය බලකාය සක්‍රිය සේවයේ නියතු/විශ්‍රාමික හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වෛද්‍ය පහසුකම් ලබාදිමෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබයි.

26 වන රෝහල් සංවත්සරයට සමගාමිව අණදෙන නිළධාරිගේ මග පෙන්විම යටතේ ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2023.10.14 වන දින අශෝක බාලක ළමා නිවාසයට දිවා භෝජන සංග්‍රහයක් පවත්වා එදිනම සවස් යාමයේදි රෝහල් බෝධිය අභියසදි බෝධි පුජා පිංකමක් සිදුකර මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් රාජකාරි කරනු ලබන සියලුම රණවිරුවන්ට සෙත්පැතිමට කටයුතු කරන ලදි.

තවද, රෝහල් කාර්යය මණ්ඩලයේ සුහදතාවය වර්ධනය කිරිම වෙනුවෙන් ක්‍රිකට් තරග මාලාවක්ද පවත්වන ලදි.