21st November 2024 18:40:28 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය 2024 වසරෙහි සිව්වන නිළධාරී පුහුණු දිනය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධානි සහ ශ්‍රි ලංකා යුද්ධ හමුද වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පි පිඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව් ඒ යු එස් වනසේකර ආර්ඩබ්ලිව්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබා දී ඇති උපදෙස් අනුව, 2024 නොවැම්බර් 20 වන දින නිලධාරීන් 130 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.
සියලුම නිලධාරීන් සඳහා උදෑසන ශාරීරික අභ්‍යාස පුහුණුවෙන් දවසෙහි පුහුණු වැඩසටහන ආරම්භ කරන ලද අතර අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසන්ත සෙනෙවිරත්න විසින් "භූ දේශපාලනය සහ නව නැගී එන ගෝලීය ප්‍රවණතාවය" පිළිබඳ දේශණයක් පවත්වන ලදී.
සවස් කාලයේ සන්ධ්‍යා ක්‍රිඩා පැවැත් වු අතර, සන්ධ්‍යාවෙහි ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධානි හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ බළකාධිපති තුමන්ගේ පැමිණීමත් සමඟ "ඩයිනර්සස් ක්ලබ්" ආරම්භ විය. ශ්‍රි ලංකා යුද හමුදාවේ විනිසුරු අධිනීතිඥ ජනාධිපති නීතිඥ බ්‍රිගේඩියර් ආර් ඩිඔි පතිරණගේ විසින් "වෛද්‍යමය වශයෙන් සම්බන්ධ නොසැලකිලිමත්කම පිළිබඳ නීතිමය පසුබිම" පිළිබඳ දේශණයක් සිදු කරන ලද අතර නිළධාරී රාත්‍රි භෝජන සංග්‍රහයෙන් පසු වැඩසටහන් මාලාව අවසන් විය.