Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

16th March 2018 10:09:41 Hours

2017 අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලියේ දෙවනි ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය දිනා ගනී

2018 ජනවාරි මස 05 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා සංඥා බලකා ශ්‍රවණාගාරය - පනාගොඩ හිදී පැවති අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය අනු ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය සදහා රෙජිමේන්තු 19 ක් සහභාගී වු අතර ජනවාරි 02 සිට ජනවාරි 05 දක්වා තරඟ පැවැත්වීය. තරඟාවලියේ අවසාන මහා තරඟය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය අතර පැවැත්විනි. ඉන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය දෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලදි.

අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2018 ජනවාරි මස 05 දින කොළඹ ආරක්ෂක විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වු අතර, එහිදී පදක්කම් හා සහතිකපත් ප්‍රදානය කිරීම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කේඒඩීඒ කරුණාසේකර ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී විසින් සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ සෙසුනිළයින් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

පහත සදහන් නිළධාරීන්/ සෙසුනිළයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්යල බලකා චෙස් කණ්ඩායම නියෝජනය කරන ලදි. නි/66977 කපිතන් ඩීඩබ්ආර් හිරන්ත, නි/66992 කපිතන් (උපා) එල්එන් සිරිල්, සෙ/652314 කෝප්‍රල් යාපා එයිඑම්, සෙ/652771 කෝප්‍රල් ද සිල්වා එච්අයිඑල්, සෙ/652250 ලා/කෝප්‍රල් සිල්වා ඩීඑන්එස්, සෙ/652679 ලා/කෝප්‍රල් මදුසංක ටීඒටී