Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

14th March 2024 14:33:55 Hours

1 ශ්‍රිලයුවෛබ වෙතින් පවත්වන ලද ආපදා කළමණාකරන වැඩමුළුව

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින්ගේ ආපදා කළමණාකරන සුදානම වැඩිදියුණු කිරීම උදෙසා හදිසි ආපදා කළමණාකරන වැඩමුළුව 2024 පෙබරවාරි 26 වන දින සිට 2024 මාර්තු මස 01 වන දින දක්වා යුද්ධ හමුද වෛද්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා වේරහැර කඳවුරු පරිශ්‍රයේදි පවත්වන ලදි.

මෙම වැඩසටහන සඳහා දේශන, වැඩමුළු සහ පුහුණු අභ්‍යාස ඇතුලත් විය. මෙහි පුහුණු අභ්‍යාස මේජර් ආර්එම්ඩිඅයි රත්නායක (වැඩබලන හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය) සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින් අධීක්ෂණය කරන ලදි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේජීකේඑච් විජේවර්ධන ආර්එස්පී යුඑස්පී සහ ශ්‍රි ලංක වෛද්‍ය බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්ඒඒ ශාන්ත කුමාර ජ්‍යෙෂ්ඨ නිළධාරින්ද සහභාගි විය.