Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

21st October 2023 17:59:36 Hours

1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය සිය අභිමානවත් 74 වන සංවත්සරය සමරයි

1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය ඔවුන්ගේ 74 වන සංවත්සරය 2023 ඔක්තෝම්බර් 21 දින සමරන ලදී. අණ දෙන නිළධාරීණී වෙනුවෙන් කඳවුරු මුර සංචාරය,ළමා නිවාස සඳහා දානමය පිංකමක්, ආගමික වැඩසටහනක්, අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලියක්, සියලුම නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්හ සහ සංස්කෘතික වැඩසටහනකින් උත්සවය සමන්විත විය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ බළකාධිපති හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ විය. 1 ශ්‍රිලයුවෛබ හි අණදෙන නිළධාරීන් වශයෙන් රාජකාරී කරනු ලැබු හිටපු අණදෙන නිලධාරීන්ගේ සහභාගීත්වය උත්සවයට වඩාත් අලංකාරයක් එක් කරන ලදී.