14th April 2025 12:06:17 Hours
සූර් යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග සිංහල හා හින්දු ජන කොට්ඨාශයන්ගේ සෑම සිතකම නැවුම් බලාපොරොත්තු එක් කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වේ. හෙළ සිරිතට මුල්තැන දෙන බත බුලතින් සරු හෙට දිනකට ආසිරි එක්කරගන්නාවු මෙවන් අසිරිමත් මොහොතක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛදය බලකායේ කර් නල් සේනාවිධායක වශයෙන් ඔබ වෙත සුභාශිංසන එක් කිරීමට ලැබීම මා ලද සුවිශේෂී භාග්‍යක් සේ සලකමි.
ජාති බේදයකින් තොරව සිංහල හා හින්දු සියළුම ජනතාව එකාවන්ව එකම වේලාවක නැකත් චාරිත්‍ර ඉෂ්ඨ කිරීම තුලින් ජාතියේ සමගිය විදහා දක්වන අතර, නිදහස්ව නිවහල්ව තම සංස්කෘතීන්ට මුල්තැන දෙමින් අළුත් අවුරුදු උදාව සතුටින් සැමරීමට සාමකාමී දේශයක් උදාකරදීම සඳහා ඇපකැපවුන අභීත වෛදය බලකා සාමාජිකයන් වන ඔබ තම වගකීමට මුල්තැන දෙමින් ආදරණියන් සමගින් පවුල තුල ප්‍රීතිය රඳවා ගනිමින් ඔබ සියලු දෙනාගේම නැවුම් බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට අවශ්‍යය සියළු ශක්තිය, ධෛර් යය වාසනාව ලැබේවායි මා ප්‍රාර් ථනා කරමි. එමෙන්ම ලබන්නාවු නව වසරේදී පරාර් ථකාමී සහ ධනාත්මක ආකල්පවලින් පරිපූර් ණවූ දේශයේ වටිනාකම් අවබෝධකරගෙන ජීවත්වන්නාවූ වටිනා පුරවැසියෙක් වීමට අපසැම අදිටන් කරගත යුතුය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන සිංහල හා හින්දු ජන වර් ගයන්ට නිදහස් නිවහල්ව තම සංස්කෘතියට මුල් තැන දෙමින් අළුත් අවුරුදු උදාව සතුටින් සැමරීමේ අවස්ථාව උදාවීම ශ්‍රී ලාංකික සියළු දෙනා ලද සුවිශේෂී භාග්‍යයක් වන අතර, සාමයේ අරුනළු සැමට එක්කර දීම වෙනුවෙන් මාතෘ භූමිය සුරකීමෙහි ලා පරම චේතනාවෙන් දිවිපුදකල විරෝධාර රණවිරුවන් යුද්ධයේදී තුවාල ලබා රණක්ෂිතයට පත් රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඥාති හිතමිත්රා දීන් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන අතර, ඔවුනගේ පවුල් වල සාමාජිකයින්ටත් ලබන්නා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සියලු පැතුම් මල්පල ගැන්වෙන සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රර් ථනා කරමි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයන් වශයෙන් සුභ මොහොතක් එළඹෙන මේ මොහොතේ තම වගකීමට මුල්තැන දෙමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් දකුණු සුඩාන් රාජ්ය යේ පිහිටි දෙවණ මට්ටමේ රෝහලේ මෙන්ම ලෙබනන් රාජ් ්‍යයේ සහභාගි වී සිටින සියළුම වීරෝධාර සෙබළුන්ගේ රාජකාරීන් සහ කැප කිරීම මේ මොහොතේ අගය කරනු ලැබේ. තවද මියන්මාරයෙහි ඇති වූ හදිසි භූ කම්පන තත්වයෙන් විපතට පත් ජනාතාව වෙනුවෙන් සහන කටයුතු සැලසීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටින වෛද්‍ය බලකා සාමාජිකයන්ද මා මේ මොහොතේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරන අතර, ඔවුන් වෙත හා එම පවුල් වල සාමාජිකයන් සියළුදෙනා හට ලබන්නා වු සිංහල හා හින්දු අළුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය සපිරුණු සුභ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රර් ථනා කරමි.
මෙවන් වු සුභ මොහොතක තම වගකීම නොපිරිහෙලා ඉටු කරමින් දේශයට රැකවරණය දෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට අයත් සියලුම නිලධාරීන්ට, සෙසුනිළයින්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ටත්, විශේෂඥ වෛද්‍ය නිලධාරීන්/ නිලධාරීණියන්, සිවිල් වෛද්‍ය නිලධාරී/ නිලධාරීණියන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ටත්, සහෝදරත්වයෙන් එකාවන්ව එකට එක්ව අප සමඟ රාජකාරී සිදුකරනු ලබන වෙනත් රෙජිමේන්තු නියෝජනය කරන්නා වු සියළු නිලධාරීන්, සෙසු නිළයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ටත්, සිවිල් සේවක මහත්ම මහත්මීන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ටත් ලබන්නා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා යි ඉතසිතින් ප්‍රාර් ථනා කරමි.
ඩී කේ එස් කේ දොලගේ යුඑස්පී එන්පීඑස් පීඑස්සී
මේජර් ජෙනරාල්
කර් නල් සේනාවිධායක
දිනය :2025 අප්‍රේල් මස 14 දින