Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

08th November 2025 01:49:44 Hours

ශ්‍රීලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ කර් නල් සේනාවිධායක තුමන්ගේ 5 වන ශ්‍රීලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායෙහි සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායෙහි කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා විසින් 2025 නොවැම්බර් 06 වන දින, 5 වන ශ්‍රීලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිල නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදි.

ඒකකය වෙත සපැමිණි කර් නල් සේනාවිධායකතුමා වෙත යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. ඉන් අනතුරුව, ඒකක අණදෙන නිලධාරි තුමන් විසින් කඳවුර සහ එහි වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් විස්තරයක් කිරිමෙන් අනතුරුව මෙම සංචාරය සිහිපත් කිරීම සඳහා සමූහ ජායාරූපයක් සඳහා ද කර් නල් සේනාවිධායක තුමන් පෙනී සිටියේය. තවද, ඒකක පරිශ්‍රය තුළ පරිපාලන පුදේශ, නවාතැන් පහසුකම් සහ සුභසාධන ව්යාතපෘති පිළිබඳව පුළුල් නිරීක්ෂණයක් සිදුකරන ලදී.

භඨ පිරිස් අමතමින් කර් නල් සේනාවිධායකතුමන්, ජාතික සේවයට දායක වීමේදී 5 වන ශ්‍රි ලංකා වෛද්‍ය බලකායේ සියලුම නිලයන් විසින් පවත්වාගෙන යනු ලබන නොසැලෙන කැපවීම, වෘත්තීයභාවය සහ විනය අගය කළේය. තවද, සියලුම වෛද්‍ය බලකා සාමාජිකයින්ගේ යහපත් ජීවන තත්වයන් තිරසාර කිරිමේ අවශ්‍ය සහ සියලු ඒකක වල අපහසුතා මෙන්ම යාථාර්ථයන් අවබෝධ කර ගැනීම සඳහා ඔහුගේ කැපවීම ඔහු අවධාරණය කළේය.

සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කර්නල් සේනාවිධායකතුමා, අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීය. මෙම නිල සමාලෝචනය, 5 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට අභිපේරනයක් හා ආඩම්බරයක් ගෙන දුන් අතර ඒකක ඉතිහාසයේ අමතක නොවන අවස්ථාවක් විය.