Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

12th July 2024 15:16:55 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ෙවෙද්‍ය බළකායේ 14 වන බලකාධිපති තුමන් සිය දුරයේ රාජකාරී අරභ කරන ලදී

මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ ඩොලගේ යූඑස්පී පීඑස්සී 2024 ජූලි 10 වන දින ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 14 වන කර්නල් සේනාවිධායක ලෙස වැඩ භාර ගත් අතර එය ආගමික වතාවත් සහ යුද්ධ හමුදා චාරිත්‍රානුතුලව සහ විධිමත් හමුදා සම්ප්‍රධායන් අනුව සිදුවිය.

නව බලකාධිපතිතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගන්නා ලද අතර, හමුදා සම්ප්‍රධානුකුලව කඳවුරු ආරක්ෂක මුරයක් පිරිනමන ලදි. නව බළකාධිපති තුමන් පිරිත් සජ්ඣායනා මධ්‍යෙය් පැවැති සුබ මොහොතින් නිල වශයෙන් රාජකාරී භාර ගනිමින් ලිපි අත්සන් තැබීම සිදු කරන ලදි.

අනතුරුව, කර්නල් සේනාවිධායක විසින් සියළුම සෙසුනිලයන් සහ නිලධාරීන් අමතා සිය අරමුණ සහ වෛද්‍ය සේවාවන්හි ගුණාත්මක භාවය, පුහුණුව සහ පරිපාලන කටයුතු සහ නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා වන සැලසුම් පිළිබඳව අවධාරණය කරන ලදී. නව කර්නල් සේනාවිධායක විසින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සෙසුනිල භෝජනාගාරයේදී සියලු නිලයන් විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයටද එක්විය.