Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

09th October 2024 14:55:33 Hours

මේජර් ජෙනරල් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නිලධාරී හට ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායෙන් ගෞරවාන්විත සමුදීමක්.

මේජර් ජෙනරාල් පීඒසී ප්‍රනාන්දු යූඑස්පී ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට වසර 34 කට අධික කාලයක් කළ අමිල සේවය වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් 03 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දී හරසර පිරිනමන ලද අතර, ඔහු 2024 ඔක්තෝම්බර් 05 වන දින ශ්‍රි ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගන්නා ලදී.

මේජර් ජෙනරාල් පීඒසී ප්‍රනාන්දු යූඑස්පී 1990 නොවැම්බර් 15 වැනි දින ශ්‍රි ලංකා යුද හමුදාවට බැඳුණු අතර, 2 වැනි ලුතිනන් වරයකු ලෙස පත් වී ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බළකායට බැඳී වසර 34 කට වැඩි කාලයක් යුද හමුදාවේ සිය වෘත්තීය ජීවිතය තුළ අපකීර්තිමත් සේවයක් ඉටු කළේය. ඔහු තම වෛද්‍ය කණ්ඩායම සමඟ බොහෝ ශල්‍යකර්ම සඳහා ක්‍රියාකාරීව සහභාගී වී ඇත. ඔහු දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර ඇති අතර යුද හමුදා සෞඛසේවා අධ්‍යක්‍ෂක ජෙනරාල්සහ ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ බළකාධිපති වශයෙන් කටයුතු කරනු ලැබීය.

වෛද්‍ය බළකා රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි මේජර් ජෙනරාල් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒයුඑස් වනසේකර ආර්ඩබ්ලිව්පි යුඑස්පි විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එහිදි අලංකාරවත් කඳවුරු මුරයක් සහ රෙජිමේන්තු මූලස්ථාන සරඹ පිටියේදී චාරිත්‍රානුකුලව පෙළපාලිය පිරිනමන ලදී. අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියළුම නිළධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසුනිලයින් විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහය සහ සියළු නිලයීන් අමතන ලද එතුමන් ජය ශ්‍රි ආචාර මැද කදවුරින් නික්ම යන ලදි.

සන්ධ්‍යාවෙහි මේජර් ජෙනරාල් ඩීකේඑස්කේ ඩොලගේ යූඑස්පී පීඑස්සී, ප්‍රධානත්වයෙන් සහ සියළුම නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මේජර් ජෙනරල් පීඒසී පුනාන්දු යුඑස්පි සහ වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් නිළධාරී රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. පසුව සමරු සටහන් පොතෙහි අත්සන් තැබීමෙන් පසු උත්සව මාලාව අවසන් විය.