Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

09th May 2024 12:51:05 Hours

භකාස අණසක අඥාපති ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරික්ෂාවට සහභාගි වෙමින්

යුද්ධ හමුදා භකාස අණසකහි අඥාපති මේජර් ජෙනරාල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යුඑස්පි එන්ඩිසි 2024 මැයි 08 වන දින ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරීක්ෂාව සඳහා පැමිණි අතර, යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව භකාස අණසක අඥාපති වෙත කඳවුරු සම්මාණ මුරයකින් සිය ආචාර පිරිනමන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා සෞඛ්‍යෙස්වා අධ්‍යෂක ජෙනරාල් හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ බළකාධි මේජර් ජෙනරාල් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි විසින් භකාස අණසක අඥාපති සාදරයෙන් පිළිගනු ලැබූ අතර, රෙම ශ්‍රිලයුවෛබ හා සම්බන්ධ පරිපාලන කරුණු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ලදී. තවද, ශ්‍රිලයුවෛබ හි පවතින පරිපාලන ගැටළු නිවැරදි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ආඥාපති භකාස අණසක විසින් ලබාදෙන ලදී.

පාලන සාකච්ඡාවෙන් අනතුරුව යුද්ධ හමුදා භකාස අණසක අඥාපති තුමන් විසින් අමුත්තන්ගේ අත්සන් තබන පොතේ අත්සන් තැබීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රිලයුවෛබ ඒකකයන්ට අයත් සියළුම අණදෙන නිළධාරීන් සහ අණදෙන නිළධාරී වරියන්, රෝහල් වලට අයත් නිළධාරී අණදෙනවරුන් සහ නිළධාරී අණදෙනවරින් ඇතුළු නිළධාරී/නිළධාරීණියන් සහභාගී විය.