15th February 2025 17:22:59 Hours
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම බ්‍රහස්පතින්දා (13) දින දිවයිනෙන් පිටව යන ලදී.
11 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ලුතිනන් කර්නල් ආර් එම් ඩී බී රාජපක්ෂා USP කටයුතු කරන අතර දෙවන අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කර්නල් කේ ඩී පී ඩී ඊ ඒ විජේසිංහ කටයුතු කරනු ලබයි. ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම, යුද්ධ හමුදා නිලධාරින් 16 දෙනෙකු, නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිලයන් 46 දෙනෙකුගෙන් සමන්විත වේ.
11 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථාම 2025 ජනවාරි මස 31 සිකුරාදා දින වේරහැර පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත හමුදා සමිප්රදානුකුලව ගෞරවාචාර පුදකළහ.
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී කේ එස්කේ දොලගේ USP psc සහ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, දිවයිනෙන් පිටත්ව යන හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් ඔවුන් දිරිගැන්වීම සඳහා ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අඛණ්ඩ සහභාගිත්වය තුළින් ගෝලීය සාමය සහ ස්ථාවරත්වය සඳහා ශ්‍රි ලංකාවේ අඛණ්ඩ දායකත්වය මැනවින් පිළිබිඹු කෙරේ. දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට සහ ප්‍රදේශයේ ජනතාව වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී දෙවන මට්ටමේ රෝහල තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතර, ඒ තුළින් ක්‍රියාන්විතයේ මානුෂීයභාවය තවදුරටත් ශක්තිමත් කෙරේ.