Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

2වන රෙජිමෙින්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

2 වන ශ්‍රි ලංකා හමුදා වෛද්‍ය බලකායේ ඉතිහාසය (ස්වේච්ඡා)

ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් යටත් විජිතයක් වුවාට පසු 1881 වර්ෂයේදී පලමු වරට දේශිය සෙබළුන්ගෙන් සමන්විත ආරක්ෂක හමුදාවක් වශයෙන් 1881 අප්‍රෙල් 01 දින ලංකා ස්වේච්ඡ පාබල හමුදාව නගා සිටුවන ලදි. එම පාබල හමුදාවේ ආධාරක කණ්ඩයක් වශයෙන් ක්‍රියාකල වෛද්‍ය සිසුන් 08 දෙනෙකුගෙන් සමන්විත වු ගිලන්මැසි කණ්ඩායම 1881.07.29 දින බ්‍රිතාන්‍ය රාජකිය හමුදාවේ විශ්‍රාමික ශල්‍ය වෛද්‍යවරයකු වු ටිඑච්එෆ් ටොට්හිල්ගේ අණදීම යටතට පත්කර ස්වාධීන කණ්ඩායමක් ලෙස පත්කර ඇති අතර, මෙය ලංකා වෛද්‍ය බලකායේ ආරම්භය ලෙස සනිටුහන්ව ඇත.

මෙම කණ්ඩායමට තව තවත් වෛද්‍ය හා අතුරු වෛද්‍ය සාමාජිකයින් බඳවා ගැනීමෙන් පුළුල්වීමත් සමග 1911 වර්ෂයේදි ලංකා පාබල හමුදාවේ ආධාරක භට කණ්ඩායමක් වශයෙන් වු සම්බන්ධතාවය අතහැර ලංකා ස්වේච්ඡා බලකාය නමින් ස්වාධීන ඒකකයක් ලෙස පරිවර්ථනය වී ඇත. මෙහි නිළධාරින් 10 දෙනෙකු සහ සෙසුනිළයින් 102 කින් සමන්විත වු ඒකකයේ ප්‍රථම අණදෙන නිළධාරි වශයෙන් ලුතිතන් කර්නල් එචිජි තෝමස් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි කටයුතු කර ඇති අතර, ඒකකයේ පලමු රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් වශයෙන් එෆ්එම් අල්විස් යන බලලත් නිළධාරි කටයුතු කර ඇත.