Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

9 වන(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

2008 ඔක්තෝබර් 15 දිනැති හචනි 59/2008 ප්‍රකාරව, 9 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2008 නොවැම්බර් 01 සිට බලපැවැත්වෙන පරිදි ආරම්භ කරන ලදී. 9 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2009 පෙබරවාරි 16 වන දින හමුදාගත නිලධාරීන් 10 දෙනෙකුගෙන් සහ සෙසු නිලයන් 850 ක් 2009 පෙබරවාරි 16 වැනි දින මාතර මැදවත්ත ගබඩාවකදී ආරම්භ කරන ලද අතර, ප්‍රථම මාණ්ඩලික නිලධාරී II මේජර් ජීපීජේපී පෙරේරා ඉසේබ පත් කරන ලදී. ලුතිනන් (උපා) එච්ඒඑම් ජයසේකර ඉසේබ ප්‍රථම උපකරණ පාලන නිලධාරි ලෙස පත් කරන ලදී. විධායක අධිකාරි සහ රෙසැමේ පත්වීම් හිස්ව පැවතුනි. පරිපාලන කටයුතු සඳහා බනි 11 කරුණාදාස ආර්ඩීඑන්පී වැඩ බලන රෙසැමේ ලෙස පත් කරන ලදී. පසුව කපිතන් අයිඑල් සෙනරත් ඉසේබ ප්‍රථම විධායක අධිකාරි ලෙසත්, රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස බනි 1 ඩීකේ දියුණුගල පත් කරන ලදී. 9 වන(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ පළමු අණදෙන නිලධාරි ලෙස මේජර් කේඑස් මෝහන් කුමාර් ඉසේබ 2009 මාර්තු 15 දින වැඩ භාර ගන්නා ලදී.

ඉන් අනතුරුව 2009 මාර්තු 17 වන දින මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට අයත් ගොඩනැගිලිවල හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ රෙජිමේන්තුව ප්‍රතිස්ථාපනය කරන ලද අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට රෙජිමේන්තුව සෘජුවම දායක විය.

රජය විසින් දියත් කරන ලද "උතුරු වසන්තය" සංවර්ධන වැඩසටහන යටතේ උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා සහභාගී වීම සඳහා 2009 අගෝස්තු 09 වන දින 9 (ස්වේ) ඉසේරෙ මූලස්ථාන 65 සේනාංකය යටතේ තුනුක්කායි, ආලංකුලම ප්‍රදේශයේ ස්ථානගත කරන ලදී.

නැවතත්, 2010 නොවැම්බර් 06 වන දින, "සඳ හිරු සෑය" ස්ථූපයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා එම ඒකකය අනුරාධපුර කුරුණෑගල හන්දියේ ස්ථානගත කරන ලද අතර, මේවන විට ඒකකය අනුරාධපුර ලෝලුගස්වැව ප්‍රදේශයේ ස්ථාපනය කර ඇත.

දැනට රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් ජේකේඑම්ආර්කේ රණසිංහ ඉසේබ කටයුතු කරනු ලබයි. වත්මන් අනුමත සංස්ථාව නිලධාරීන් 35 ක් සහ සෙසු නිලයන් 1233 කි.