Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

8 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

හචනි 26/2006 හි උපදෙස් පරිදි, මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 8 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2006 අප්‍රේල් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි නගා සිටුවන ලදී. 8 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ප්‍රථම අණදෙන නිළධාරියා ලෙස පත් කරන ලද මේජර් කේ දිසානායක ශ්‍රීලංඉ විසින් අණ දෙන ලද ප්‍රථම භටපිරිස් කණ්ඩායම පානදුර, නල්ලුරුව හි පිහිටි 4 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) මූලස්ථානය වෙත වාර්තා කර වෙනම ප්‍රදේශයක රෙජිමේන්තු මූලස්ථානය ස්ථාපිත කරන ලදී. කපිතන් ඒඑම්ඩබ්පී අබේසේකර ශ්‍රීලංසිරෙ පළමු විධායක අධිකාරි ලෙස පත් කරන ලද අතර ලුතිනන් (උපා) ආර්ජී ප්‍රේමසිරි ශ්‍රීලපාහ පළමු උපකරණ පාලන නිලධාරියා ලෙස පත් කරන ලදී. පළමු රෙජිමේන්තු සැරයන් මේජර්වරයා ලෙස බනි 1 ආර්එම්ටීබී රත්නායක පත් කරන ලදී.

2007 ඔක්තෝම්බර් 08 වන දින, යුධ හමුදා රෝහල් ඉදිකිරීම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා, 8 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව කොළඹ 8, මැනිං නගරයේ, මාතා පාරේ, යුධ හමුදා විවාහ නිවාස සංකීර්ණයට යාබදව ස්ථානගත කරන ලදී.

මහල් 10 කින් යුත් යුධ හමුදා රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමෙන් පසු බත්තරමුල්ල අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කිරීම සඳහා රෙජිමේන්තුව හෝකන්දර ප්‍රදේශයේ ස්ථානගත කරන ලදී.

දැනට රෙජිමේන්තුවට අණ දෙන නිලධාරියා වන්නේ ලුතිනන් කර්නල් මේජර් එම්ආර් විද්‍යාරත්න ඉසේබ විසිනි.