Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

7 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා, 2006 පෙබරවාරි 10 දිනැති ARO/06/2006-G/SD/51 යුද හමුදා නියෝගයට අනුව, 7 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2006 ජූලි මස 17 වන දින සාලාව, කොස්ගම යුද හමුදා කඳවුරු පරිශ්‍රයේ ස්ථාපිත කරන ලදී. මේජර් එන්පීකේ ජයවර්ධන ඉසේරෙ එහි පළමු නිල අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී.

පසුව 2012 පෙබරවාරි 03 දින අතුරුගිරිය රතුවිලවත්ත ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙන් ඉඩමක් පවරා ගෙන එහි ඒකකය ප්‍රතිස්ථාපනය කරන ලදී. මේ වන විට 7 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම් ව්‍යාපෘතිය ඇතුළු මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් සිදුකර ඇත. මේජර් කේඑස්පී වරුසප්පෙරුම විපාරෙ පළමු මානි 11 ලෙසද, මේජර්(උපා) එම්වීඑන් ගුණරත්න ඉසේරෙ උපකරණ පාලන නිලධාරියා ලෙසද, බනි 1 ඩීඑම් රන්බණ්ඩා පළමු රෙජිමේන්තු සැරයන් මේජර්වරයා ලෙසද පත් කරන ලදී.

වර්තමානයේ මේජර් එම්පීඑස් නදීශාන් එල්එස්සී ඉසේබ අණදෙන නිළධාරි ලෙස කටයුතු කරයි.