Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

1990 දශකයේ අග භාගය වන විට යාපනය අර්ධද්වීපයේ යොදවා සිටි භට පිරිස් සඳහා අවශ්‍ය ඉංජිනේරු සේවා සිදු කරනු ලැබුවේ අනුරාධපුරයේ පිහිටි 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය (පලාලි) පමණි. පසුව රිවිරැස ක්‍රියාන්විතයේ පරිපාලන අවශ්‍යතා මත, මූලස්ථානය 51 සේමු, මූලස්ථානය 52 සේමු සහ මූලස්ථානය 54 සේමු (අලිමංකඩ) හි ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාල තුනක් අලුතින් පිහිටුවන ලදී. තවද මෙහෙයුම් අවශ්‍යතා හේතුවෙන් 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි ඉදිරි මූලස්ථානයක් ස්ථාපිත කරන ලදී. ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය (පලාලි).

“සත් ජය මෙහෙයුම” සහ ඉන් අනතුරුව සිදුකරන ලද මෙහෙයුම් හේතුවෙන් ඉංජිනේරු සේවා අවශ්‍යතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බැවින්, අණ සහ පාලනයට පහසුකම් සැලසීම සඳහා 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 1997 ජනවාරි 28 වන දින කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට යාබදව පිහිටි රෝමානු කතෝලික ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලේ 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ආධාරක) ලෙස ආරම්භ කරන ලදී.

1997 ජනවාරි 28 වන දින මේජර් ආර්ඒඑන් පෙරේරා ශ්‍රීලංඉ නිලධාරි අණදෙන ලෙස වැඩ භාර ගන්නා ලදී. මේජර් එන්පී රණවීර ශ්‍රීලංඉ පළමු දෙවන අණදෙන නිලධාරියා ලෙසත්, ලුතිනන් වයිකේඑස් රංගික ශ්‍රීලංඉ පළමු විධායක අධිකාරි ලෙසත්, ලුතිනන් (උපා) බීඑම් ජයසුන්දර බණ්ඩා ශ්‍රීලංඉ පළමු උපකරණ පාලන නිලධාරි ලෙසත් පත් කරන ලදී. එසේම පළමු රෙජිමේන්තු සැරයන් මේජර්වරයා ලෙස බනි 1 ඩබ්ලිව්ඩීආර්සමරනායක මහතා පත් කරන ලදී.

5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ආධාරක) 2009 අගෝස්තු 13 සිට බලපැවැත්වෙන පරිදි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවක් ලෙස නගා සිටුවන ලදී. 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ප්‍රථම නිළ අණදෙන නිළධාරීවරයා ලෙස භට අණදෙන නිළධාරී ලෙස රාජකාරී කළ මේජර් ජීඩීඑච්කේ විජේනායක ඉසේබ පත්විය.

දැනට රෙජිමේන්තුවට අණ දෙනු ලබන්නේ මේජර් ටීජීඑස්සී තලගහවත්ත යූඑස්පී පීඑස්සී එල්එස්සී ඉසේබ විසිනි.