Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

1960 දී නැගෙනහිර පළාතේ ආරම්භ කර 1973 දී වසා දමන ලද ත්‍රිකුණාමලයේ ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය, මෙහෙයුම් අවශ්‍යතා මත 1987 දී නැවත ස්ථාපිත කරන ලදී. 1990 දී අම්පාර ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය ද පිහිටුවන ලද අතර ලුතිනන් ඩීජීපී කොලොන්නේ ඉසේරෙ ආරක්ෂක සේනා ඉංජිනේරුවරයා ලෙස පත් කරන ලදී. 1994 දී, මඩකලපුව ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය පිහිටුවන ලද අතර, කපිතාන් එන්පී රණවීර ඉසේරෙ ආරක්ෂක සේනා ඉංජිනේරුවරයා ලෙස පත් කරන ලදී. අනතුරුව පාබල සේනාංක ව්‍යාප්ත කිරීම සහ පරිපාලන කටයුතු සඳහා නව සේනාංක රට පුරා යෙදවීමත් සමඟ නැගෙනහිර පළාතේ ඉංජිනේරු සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවක අවශ්‍යතාවය මතු විය. එබැවින්, වත්මන් මින්නේරිය ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය පිහිටා ඇති ස්ථානයෙහි 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 1996 මාර්තු 11 වන දින ස්ථාපිත කරන ලද අතර, පළමු අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ආර්. වසන්තකුමාර ඉසේරෙ ද පළමු උපකරණ පාලන නිලධාරි ලෙස ලුතිනන්(උපා) පීඒ විල්බට් ඉසේරෙ පත් කරන ලදී. පළමු රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස බනි 1 ටීඒ රුබේරු සහ සෙසු නිලයින් 10 දෙනෙකු මෙම රෙජිමේන්තුව පිහිටුවීමට මුලදී සම්බන්ධ වී සිටියහ. ත්‍රිකුණාමලය, ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය - අම්පාර සහ ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය - මඩකලපුව, 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යටතට ගන්නා ලදී.

දැනට අනුමත සංස්ථාව නිලධාරීන් 34 දෙනෙකු සහ සෙසු නිලයින් 590 දෙනෙකුගෙන් සමන්විත වන අතර එම ඒකයෙහි ලුතිතන් කර්නල් එච්කේසීකේ හෙට්ටිආරච්චි ඉසේබ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරනු ලබයි.