Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

2009 මැයි 18 මානුෂීය මෙහෙයුමෙන් පසු මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂාව පාලනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය(මුලතිව්) පිහිටුවීමට අවශ්‍ය විය. ආරක්ෂක සේනා මූලස්ථානය (මුලතිව්) හි ඉංජිනේරු සේවා බලඝණයේ අණදෙන නිලධාරී ලෙස පත් කරන ලද මේජර් එන් වනිගසිංහ ඉසේබ විසින් ආසේමු (මුලතිව්) ඉංජිනේරු සේවා බලඝණය පිහිටුවීමේ මූලික කටයුතු සිදු කරන ලද අතර අවශ්‍ය සියලුම ගොඩනැගිලි කෙටි කාලයක් තුළ ඉදිකරන ලදී. ආරක්ෂක සේනා මූලස්ථානය (මුලතිව්) පිහිටුවීම සඳහා මාස 06 කි. 2012 සැප්තැම්බර් 12 දිනැති හචනි 63/2012 දිනැති යුද හමුදා සාමාන්‍ය නියෝගයට අනුව ආසේමු(මුලතිව්) වගකීම් ප්‍රදේශයේ යුධ හමුදා ආයතන සඳහා ඉංජිනේරු සේවා සැපයීම සඳහා 2012 සැප්තැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව නගා සිටුවන ලදී. 2 ලුති එච්ඩබ්කේඩී ජයවර්ධන ඉසේබ සහ සෙසු නිලයන් 35ක් 2012 සැප්තැම්බර් 17 වන දින ආසේමු (මුලතිව්) වෙත වාර්තා කරන ලදී. ආරම්භයේ දී, ආසේඉ 59 සේමු, ආසේඉ 64 සේමු සහ ආසේඉ 68 සේමු ඉංජිනේරු සේවා බලඝණයට අණ දෙන ලදී. ආසේමු (මුලතිව්) ඉංජිනේරු සේවා බලඝණයේ බලඝණ නිලධාරී විසින් 16 ඉසේරෙ හි සමස්ත පරිපාලන කටයුතු සිදු කරන ලදී.

නන්දිකඩාල් ප්‍රදේශයේ වෙන් කර ඇති අක්කර 50 ක භූමි ප්‍රදේශයක මෙම රෙජිමේන්තුව ස්ථාපිත කර ඇති අතර, 2/ලුති එච්ඩබ්කේඩී ජයවර්ධන ඉසේබ ප්‍රථම සහායක නිලධාරි ලෙස පත් කරන ලදී. ලුතිනන්(උපා) ඩබ්එච්එම් තිලකරත්න බණ්ඩා ඉසේබ පළමු උපකරණ පාලන නිලධාරියා ලෙස පත් කරන ලදී. බනි 1 යූඩීඑන්එස් නානායක්කාර පළමු රෙජිමේන්තු සැරයන් මේජර් ලෙසත් මේජර් කේඑල් මුණසිංහ ඉසේබ 2013 අගෝස්තු 12 වන දින ප්‍රථම අණදෙන නිලධාරියා ලෙසත් වැඩ භාර ගන්නා ලදී.

වර්තමානයේ රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරියා ලෙස මේජර් ඊඅයි චතුරංග ඉසේබ විසින් කටයුතු කරනු ලබයි.