Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

14 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් උතුරු ප්‍රදේශයේ “උතුරු වසන්තය” වැඩසටහන යටතේ රජය දියත් කරන ලද සංවර්ධන කටයුතු සඳහා දායක වීමයි. එබැවින් 2009 අගෝස්තු 27 දිනැති හචනි 74/2009 දරන යුධ හමුදා නියෝගයට අනුව 14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2009 අගෝස්තු 19 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන ලද අතර එය මුලදී මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ නන්දිකඩාල් කලපු ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී. මේජර් එච්එම්කේපීඑච්කේ නවරත්න ඉසේබ පළමු නිල අණදෙන නිලධාරියා ලෙස 2010 පෙබරවාරි 10 දින පත් කරන ලදී.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ප්‍රදේශයේ ආරක්‍ෂක සේනා මූලස්ථානය, සේනාංක මූලස්ථානය, බලසේනා මූලස්ථානය, බලඇණි මූලස්ථානය සහ පුහුණු පාසල් සඳහා පෙර සැකසූ ගොඩනැගිලි ඉදිකිරීම එම ඒකකයට පැවරී තිබූ ප්‍රධාන කාර්යය විය. 15(ස්වේ) ඉසේරෙ වෙත භාර දුන් පළමු ව්‍යාපෘතිය වූයේ පෙර සැකසූ ගොඩනැගිලි භාවිතයෙන් 59 සේමු මූලස්ථාන ඉදිකිරීමයි. මුලදී 9 (ස්වේ) ඉසේරෙට අයත් අයවළුන් 100 ක් මෙම ඒකකයට අනුයුක්ත කරන ලද අතර පසුව අනෙකුත් නිලයන් 270 ක් ඒකකයට වාර්තා කරන ලදී. ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙසු නිලයන් 300ක් ද මෙම ඒකකයට අනුයුක්ත කරන ලදී.

මේජර් පීඒඑස්එස් පෙරේරා ඉසේබ පළමු මාණ්ඩලික නිලධාරි 11 ලෙස පත් විය. 2/ලුතිතන් එම්එස් ඉඳුනිල් ඉසේබ, ලුතිතන්(උපා) කේවීඑල් අනුර නන්දන ඉසේබ සහ බනි 1 පීඑම් රම්බණ්ඩා විසින් පිළිවෙලින් පළමු විධායක අධිකාරි, උපකරණ පාලන නිලධාරි සහ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස රාජකාරි ඉටු කරන ලදී.

“උතුරු වසන්තය” වැඩසටහන යටතේ භාර දී තිබූ පෙර සැකසූ ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු 2011 ජනවාරි 03 වන දින 14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව බත්තරමුල්ල අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් ව්‍යාපෘති කටයුතු සිදු කිරීම සඳහා ස්ථානගත කරන ලදී.

දැනට රෙජිමේන්තුවට අණ දෙන්නේ ලුතිතන් කර්නල් ඩබ්යූඑස් කරුණාරත්න ඉසේබ විසිනි. දැනට අනුමත ඒකක සංස්ථාව නිලධාරීන් 35 ක් සහ සෙසු නිලයින් 1233 කි.