Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

"ඒකක ස්ථාන මාරුව" යටතේ ඉංජිනේරු සේවා බළකායට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බල මුළුවේ නිලධාරීන් 16 ක් සහ සෙසු නිලයන් 490 ක් ඇතුලත් කරන ලදී. 2010 ඔක්තෝම්බර් 06 දිනැති හචනි 51/2010 දරන යුද හමුදා නියෝගයට අනුව මෙම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් 12 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2010 ඔක්තෝම්බර් 10 වන දින පානදුර, නල්ලූරුව 4 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී පිහිටුවන ලදී. ප්‍රථම නිල අණදෙන නිලධාරියා ලෙස මේජර් එස්පී ගෝණපීනුවල ඉසේබ පත් කරන ලදී. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බල මුළුවෙන් ස්ථාන මාරුවීම් ලැබූ 12 (ස්වේ) ඉසේරෙ හි නිලධාරීන් සහ සෙසු නිලයින් ඉසේබ ශිරස්ක ලාංඡනය පැළඳවීමේ උත්සවය 2010 නොවැම්බර් 27 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

2011 නොවැම්බර් 13 වන දින, 12 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මාතර, කඹුරුපිටිය පැරණි "ගම්උදාව" ඉඩම් පරිශ්‍රයේ දක්ෂිණ සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිලිවල තාවකාලිකව ප්‍රතිස්ථාපනය කරන ලදී.

12 (ස්වේ) ඉසේරෙ ස්ථිර කඳවුරක් ලෙස ස්ථාපිත කිරීම සඳහා, 2014 පෙබරවාරි 25 වන දින, පිටකටුවාන, කඹුරුපිටිය “රට ලංකා වත්තේ” අක්කර 10 ක ඉඩමෙහි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්පී ගුණපීනුවල ඉසේබ විසින් සුබ මොහොතින් මුල්ගල තබන ලදී.

මේජර් එච්එම්යූපී ජයරත්න ඉසේබ පළමු දෙවන අණදෙන නිලධාරි විය. ලුතිනන් ඩබ්සීසී අල්විස් ඉසේබ, සහ ලුතිනන් (උපා) ආර්එම්ජේආර් රත්නායක ඉසේබ, සහ බනි 1 ඩබ්ඩබ්වීඒ අමිතානන්ද පිළිවෙලින් පළමු විධායක අධිකාරි, උපකරණ පාලන නිලධාරි සහ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස පත් විය.

දැනට රෙජිමේන්තුවට අණදීම මේජර් කේඩබ්ජීයූඑම් ගුණතිලක එල්එස්සී ඉසේබ විසින් සිදුකරනු ලබයි. දැනට අනුමත සංස්ථාව නිලධාරීන් 58 ක් සහ සෙසු නිලයින් 1085 කි.