Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

මානුෂීය මෙහෙයුම අවසන් වීමත් සමඟ කිලිනොච්චිය ප්‍රදේශයේ යොදවා ඇති භට පිරිස් සඳහා ඉංජිනේරු සේවා සැපයීම සහ රජය විසින් දියත් කරන ලද උතුරු වසන්තය සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2009 දෙසැම්බර් 24 දිනැති හචනි 110/2009 යුද හමුදා නියෝගයේ උපදෙස් පරිදි, 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2009 දෙසැම්බර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි ආරම්භ කරන ලදී. මෙම රෙජිමේන්තුව ප්‍රථමයෙන් පනාගොඩ ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කරන ලද අතර, මේජර් ඊඒඩීකේ එදිරිසිංහ ඉසේබ එහි ප්‍රථම අණදෙන නිලධාරි ලෙස 2010 අගෝස්තු 04 දින රාජකාරි ආරම්භ කරන ලදී.

කිලිනොච්චියේ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව පිහිටුවීම සඳහා, අණදෙන නිලධාරී සහ භට පිරිස් තාවකාලිකව 15 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මූලස්ථානයෙහි ස්ථානගත කරන ලදී. කඳවුර පිහිටුවීමේ මූලික පියවර ලෙස 2010 සැප්තැම්බර් 10 වන දින ඉරණමඩු යුධ හමුදා බලඇණිය තුළ ඉංජිනේරු සේවා 11 රෙජිමේන්තුව සඳහා වෙන් කර ඇති අක්කර 167 ක වනාන්තර ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ඉදිකිරීම ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව, මුල්ගල තැබීමේ උත්සවයේදී පළමු පස් කැටය කපා රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු අණදෙන නිළධාරී විසින් ආරම්භ කරන ලදී.

මේජර් එම්එන්ජේ පෙරේරා ඉසේබ පළමු දෙවන අණදෙන නිලධාරියා විය. ලුතිනන් (උපා) එච්එම්බී හේරත් ඉසේබ සහ බනි 1 කේපීඑන්ආර්පී කොණ්දසිංහ පිළිවෙළින් පළමු උපකරණ පාලන නිලධාරි සහ සහ පළමු රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස රාජකාරී ආරම්භ කළහ.

දැනට රෙජිමේන්තුවට අණ දෙන්නේ ලුතිනන් කර්නල් ඒඑම්ඒඑස් අළුගොල්ල ඉසේබ විසිනි. වත්මන් සංස්ථාව නිලධාරීන් 34 ක් සහ සෙසු නිලයින් 590 කි.