Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

10 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

දකුණු පළාතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා, 2008 ඔක්තෝම්බර් 15 දිනැති හචනි 60/ 2008 යුධ හමුදා දින නියෝගයේ උපදෙස් පරිදි, 10 වන(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2008 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන ලදී. 2009 පෙබරවාරි 24 වන දින, මේජර් ආර්එස් පුංචිහේවා ඉසේබ ප්‍රමුඛ කණ්ඩායමක් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු විසින් හම්බන්තොට, මයුරපුර පිහිටි පාළු පාසල් ගොඩනැගිල්ලක 10 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව පිහිටුවන ලදී.

මේජර් යූඒජේපීකේ අමරසිංහ ඉසේබ 2009 අප්‍රේල් 02 වන දින 10 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ පළමු වැඩ බලන අණදෙන නිලධාරි ලෙස වැඩ භාර ගැනීමෙන් පසු මෙම රෙජිමේන්තුව නිල වශයෙන් හම්බන්තොට මයුරපුර දී පිහිටුවන ලදී.

මේජර් ආර්එස් පුංචිහේවා ඉසේබ ප්‍රථම මාණ්ඩලික නිලධාරි 11 ලෙසත්, ලුතිනන් යූඒසී කුමාර ඉසේබ රෙජිමේන්තුවේ ප්‍රථම විධායක අධිකාරි ලෙසත් පත් කරන ලදී. එසේම උපකරණ පාලන නිලධාරි ලෙස ලුතිනන් (උපා) එස්ඒඩිඑන් ස්ටීවන් ශ්‍රීලපාහ පත් කරන ලද අතර පළමු රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස බනි 1 ලාල් කුමාර පත් විය.

මේ වන විට රෙජිමේන්තුවට අණ දෙන්නේ මේජර් ආර්පීඒ රෝහණ එල්එස්සී ඉසේබ විසිනි. වත්මන් අනුමත සංස්ථාව නිලධාරීන් 35 ක් සහ අනෙකුත් නිලයන් 1233 කි.