14th February 2026 13:04:11 Hours
2026 පෙබරවාරි 13 වන දින ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අරුණි චන්ද්‍රසේකර මැතිණියගේ නායකත්වයෙන් සියලුම ඉසේබ ඒකකවල අණදෙන නිලධාරීන්ගේ කාලත්‍රයන්ගේ සහභාගීත්වයෙන් ගූගල් රැස්වීම හරහා රැස්වීමක් සාර්ථකව පවත්වන ලදී.
සේවා වනිතා ඒකකවල අනාගත සැලසුම් ගෙනහැර දැක්වීම කෙරෙහි අවධානය යොමු කළ අතර එක් එක් ඒකකය මුහුණ දෙන අභියෝග පිළිබඳව විවෘත සාකච්ඡාවක් සඳහා වේදිකාවක් ද සපයන ලදී. මෙම අන්තර්ක්‍රියාකාරී සැසිය ඒකක අතර සම්බන්ධීකරණය ශක්තිමත් කළ අතර සුභසාධන මුලපිරීම් වැඩිදියුණු කිරීම සහ මතුවන ගැටළු කාලෝචිත හා ඵලදායී ආකාරයකින් විසඳීම සඳහා සාමූහික කැපවීම නැවත තහවුරු කළේය.