21st January 2026 15:22:00 Hours
ඉංජිනේරු සේවා බළකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී ජනවාරි 19 දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
ඉංජිනේරු සේවා බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී විසින් නව කර්නල් සේනාවිධායක ඉංජිනේරු සේවා බළකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුවේදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඉන්පසුව, බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ඉන් අනතුරුව මියගිය ඉංජිනේරු සේවා බළකායේ රණවිරුවන්ට පුෂ්පෝපහාරයක් ලෙස රණවිරු ස්මාරකයේ මල් වඩමක් තබන ලදී. හමුදා චාරිත්‍ර වාරිත්‍රවලට අනුව සම්මාන පෙළපාලියක් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිණමන ලදී.
පසුව, කර්නල් සේනාවිධායක නිල ලේඛනයකට ආගමික වතාවත් මධ්‍යයේ අත්සන් තබා ඉංජිනේරු සේවා බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි ආරම්භ කරන ලදී. පසුව, කර්නල් සේනාවිධායක ඉංජිනේරු සේවා බලකායේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, ඉන් අනතුරුව අඹ පැළයක් රෝපණය කර එම දිනය සැමරීමට කටයුතු කළේය.
උත්සවයේ විධිමත් ක්‍රියාදාමයන්ට අනුකූලව, කර්නල් සේනාවිධායක භට පිරිස් ඇමතූ අතර, පසුව ඔහු තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය. සුහදතාවය සහ අවිධිමත් අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කරමින් රැස්ව සිටි පිරිසි සමග සුහද පිළිසඳරක යෙදිණි. පසුව කර්නල් සේනාවිධායකතුමා රැස්ව සිටි නිලධාරීන් සමඟ තම දර්ශනය බෙදා ගනිමින්, ඔහුගේ දැක්ම ඉස්මතු කරමින් සහ නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගතිය රෙජිමේන්තු මෙහෙයුමේ මූලික අංගයක් ලෙස පවතින බව අවධාරණය කළේය. නිලධාරි නිවස්නයේදී සියලුම නිලධාරීන් සමඟ දිවා ආහාරයෙන් පසු දිනයේ කටයුතු අවසන් විය.